එක දවසක් රෑ මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

 

රෝස නගරය නමින් හදුන්වන චමත්කාර ජනක නගරයක් වෙත මා ඔබව රැගෙන යමි. මේ නගරය දැකුම්කළු, දකින්නන්ගේ මනසට අහ්ලාද්මක ප්‍රීතියක් ඇතිකරවන සුලු නගරයකි.මේ නගර මධ්‍යයේ ඇවිදින ඔබට පැහැදිලි, ක්‍රමවත් ආකෘතියකට අනුව ඉදිකර ඇති ගොඩනැගිලී පේලීන් දකින්නට ලැබෙනු ඇත.මේ ගොඩනැගිලි ඉදිකර ඇත්තේ රෝස පැහැ ගැන්වූ විශේෂිත ගඩොල් වර්ගයකිනි, ඒවා නගරය රෝස පැහැයෙන් අලංකෘත කරන නිසාම අතීතයේ සිටම මෙම අපූරූ නගරය රෝස නගරය ලෙස හැදින්විය.

මේ නගර මධ්‍යයේ අලෙක් මනුක්යාන් නමින් හදුන්වන ප්‍රධාන මාවතක් ඇත. මේ මාවතේ ආරම්භය මාවත දෙපැත්තේ ඉදිකර ඇති උස් කුලුනු දෙකකින් සිදුවන අතර එතැන් සිට එකම උසට පිලිවෙලින් ඉදිකර ඇති තට්ටු දෙකේ නිවෙස් පේලීයක් වෙයි. ඒවා වීදීයේ මෙහා කොනේ සිට එහා කොන දක්වාම එක දිගට ඉදිවී ඇත. මාවතේ දෙපැත්තෙන් නිවෙස් වලට මුහුනලා දිගු කොරිඩෝවක් ඇත.පදිකයින් වෙනුවෙන්ම නිර්මානය කර ඇති මේ කොරිඩෝව නිමකර ඇත්තේ පොලවට ඇල්ලු සතරැස් කුඩා කලු ගල් වලිනි.

සුදු පැහැ හිමෙන් පිරීගිය, ශීත සෘතුවේ ආරම්භය වන දෙසැම්බරයේ, සිහින්ව හිම වැටෙන රාත්‍රියක, ඔබ මෙම දැකුම්කලු වීදීය ඔස්සේ ඇවිද යන සැටී සිහි කරන්න.

වීදීය මුලුමනින්ම හිමෙන් වැසී ගොස් ඇත. වහාන යන්නේ හිතාමත් අතලොස්සයකි. ඒවායේ බරට මාර්ගය මධ්‍යයේ ඇති හිම තට්ටු දියවී එම වතුර ඔබ ගමන් කරන කොරිඩෝව දිගේ ඇති කානු වලින් බැසයයි. හිම තට්ටු පොඩි කරමින් ඇදී යන වහාන වල හඩත්, වීදීයේ තැනින් තැනදී ඔබ ඉදිරියට එන මිනිසුන්ගේ පා ගැටෙන හඩත් හැරෙන්නට මාර්ගය සම්පූර්නයෙන්ම නිහඩය.

හිමෙන් පිරී ඇති මෙම පදික වේදීකාව දිගේ හිතාමත්ම සීරූවෙන් ඇවිද යන ඔබ මේ මොහොතේදී නිවෙස් පේලිය මැද ඉදිවී ඇති කුඩා උද්‍යානයකට පැමිනෙනු ඇත.

එය සම්පූර්නයෙන්ම පාළුවට ගොස්ය. සුදු පැහැ හිමෙන් එහි ගස් මුදුන් මුලුමනින්ම වැසී ගොස්ය. ඒ අලෙක් මනුක්‍යාන් උද්‍යානයයි.

ඔබ එය පසුකල යුතුය.

එය පසුකරන සැනින් ඔබට නොම්මර 09 ලෙස අංකය සදහන් කල සුදු පැහැ ලීයෙන් තැනූ ගේට්ටුවක් දක්නට ලැබෙනු ඇත.

මේ ගේට්ටුවෙන් ඇතුල් වන ඔබ එන්නේ  එම නිවසටයි.

මා ඔබට කියන්නට යන මේ කතාව සිදුවන්නේ මෙම නිවස තුලය. 2004 දෙසැම්බර් 11 වෙනි දින, එකම රාත්‍රීයක් තුලදී , රෝස නගරය නොහොත් යෙරෙවානයේදී සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍රය කරගෙන " එක් දවසක් රෑ "  මා මෙසේ ලියා පල කරමි.

 

 

 

 


එක දවසක් රෑ

 

 මුතුමුදලිගේ නිශ්ශංක

 

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න