බෝම්බ තුනක් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න
කුරිරු ත්‍රස්ත්‍රවාදී
බෝම්බ ප්‍රහාරයන්ගෙන්
ජීවීතක්ෂයට පත්
පොදු මිනිසුන් වෙනුවෙන්
බෝම්බ තුනක්
පුදකරමි!
මේ කතාව පටන් ගන්නේ 2018 වර්ෂයේ, මම පත්තර කන්තෝරුවේ වැඩ කරන කාලෙදී.
ඔය කාලේ මම පුවත්පතට තීරූ
ලිපී පේලීයක් ලියමින් හිටියා "එල් ටී ටී ඊ සංවිධානය විසින් ලංකාවේ ප්‍රධාන මරුමස්ථාන
වල පුපුරවා හැරපූ බෝම්බ ගැන", ඒ ලිපි පෙල මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය වුනා,
ඒ සාර්ථකත්වයත් එක්කම
"පුපුරපු බෝම්බත් ඒ ආශ්‍රිත සිදුවීම් ගැනත්" විවිධාකාර තොරතුරු මට ලැබෙන්න පටන් ගත්තා.
ඒ අතරතුර තමයි මම මේ කියන්න යන හාමුදුරුවන්ව මුන ගැහෙන්නේ.
උන්වහන්සේ කවුද, මොන පන්සලේද, කවදා කොහොම මහන වුන කෙනෙක්ද, මේ කිසිම දෙයක් මම දන්නේ නැහැ.
දවසක් මම කාර්යාලයට යද්දී හාමුදුරුවන් කාර්යාලය ඉස්සරහා දාලා තියෙන පුටු පේලියේ හිදගෙන ඉන්නවා. උන්වහන්සේ ඇවිත් හිටියේ මාව හමුවෙන්න, එහෙත් මගේ කාර්යාලය ඇතුලට එන්නවත්, මගෙත් එක්ක වැඩි පුර කතා කරන්නවත් උන්වහන්සේ කැමති වුනේ නැහැ. උන්වහන්සේ කරපු එකම දේ තමයි ෆුල්ස් කැප් කොල සීයක් විතර පුරෝලා තිබුන බර ෆයිල් කවරයක් මගේ අතට දුන්න එක.
"මහත්මයා.. මේ කතාවේ මහත්තට
අවශ්‍ය කරන වැදගත් කරුනු බොහෝමයක් තියෙනවා. කියවලා බලන්න. ඔබතුමාගේ තීරූ ලිපි පෙලට
ගැලපෙනවනම් පලකරන්න"
උන් වහන්සේ ඒ ෆයිල් කවරය මගේ අතට දීලා යන්න හැරුනා.
"හාමුදුරුවනේ" මම කතා කලා.
"මේ ලිපි මොකක් ගැනද?"
"මහත්තයට මතකද 2006 යේදී මරදාන පාලම ලග පුපුරපු බෝම්බය ගැන"
"ඔව් හාමුදුරුවනේ"
"එදාම කොච්චිකඩේත් බෝම්බ පිපුරුවා?"
හාමුදුරුවන් කියපු දේ හරි, මට හරියටම ඒ දිනය මතක නැතත් 2006 මැයි මාසේ කොළබ කේන්ද්‍ර කර ගෙන බෝම්බ දෙකක් එක පිට එක පුපුරලා ගියා, තවත් එකක් නිෂ්ක්‍රීය කලා.
"ඔව් හාමුදුරුවනේ මට මතකයි"
"මහත්තයා ඔය ෆයිල් කවරේ ඇතුලේ ඒ බෝම්බ තුන ගැන හැමදෙයක්ම තියෙනවා. කියවලා බලන්න"
හාමුදුරුවන් එහෙම කියද්දි මගේ ඇග සීතලෙන් ගල් ගැහිලා ගියා. මම උන්වහන්සේ දිහා බොහෝම වුවමනාවෙන් බැලුවා. උන්වහන්සේ වයස අවුරුදු පනහක විතර ටිකක් වයස්ගත මුහුනකින් යුත් හාමුදුරු නමක්.
"ඔබ වහන්සේගේ නම" මම උන්වහන්සේගෙන් ඇහැව්වා.
"ඒක අවශ්‍ය නැහැ මහත්මයා. එහෙත්
ඔය ෆයිල් එකේ තියෙන හැම කරුනක්ම ඇත්ත. ඒක මට සහතිකවම කියන්න
පුලුවන්"
උන්වහන්සේ ඒ වචන ටික කියලා අනිත් පැත්ත හැරියා යන්න පටන් ගත්තා.
මොකක් හරි හේතුවක් නිසා උන්වහසේ පිටත් වෙන්න කලින් උන්වහන්සේට දනගහලා වදින්නවත් මට අමතක වුනා. සමහර විට අහම්බෙන් සිදුවුනු මේ මුනගැසීම මගේ මුලු මනසම පුදුමයෙන් අවුල් කරලා දාන්න ඇතී.
කොහොම හරි ෆයිල් කවරයත් මගේ අතට දීලා ඒ හාමුදුරුවෝ යන්න ගියා.
එදා වැඩ රාජකාරී බහුලවම තිබුන දවසක් නිසා මම ඒ ෆයිල් කවරය මේසය උඩ තිබ්බා, වෙලාවක් ලැබුනම කියවලා දාන්න. හාමුදුරුවන් ගිහින් විනාඩි දෙකකට විතර පස්සේ කන්තෝරුවේ “පියුම්” මගේ කාමරයට ආවා. තේ එකකුත් අරගෙන.
"මහත්තයා කෝ අර හාමුදුරුවෝ?"
"උන්වහන්සේ ගියා" මම කිව්වා.
"අපරාදේ මම තේ එකකුත් අරන් ආවා"
"ඕක මට දෙනවා" මම එහෙම කියද්දී පියුම් තේ එක අරන් ඇවිත් මගේ මේසය උඩින් තිබ්බා. තියලා කට කොනකින් හිනා වෙලා මට මෙහෙම කිව්වා.
"දැන් මහන වෙලා හිටියට තරුන කාලේ හොද මරීසී ඩයල් එකක් වගේ"
"ඇයි තමුසේ එහෙම කියන්නේ"
"ඇයි මහත්තයා දැක්කේ නැද්ද?"
"මොකක්ද?"
"හාමුදුරුවන්ගේ අතේ සර්පයෙක්ගේ පච්චයක් ගහලා තිබ්බේ"
පියුම්ගේ ඒ කතාවෙන් අර හැංගිලා තිබ්බ කුතුහලය තවත් වැඩි වෙන්න ඇති. එදා තේ එක බොද්දි හාමුදුරුවන් මට දීපූ ෆයිල් එකත්, පියුම් ගේ පච්ච කතාවත් මගේ ඔලුවේ වැඩ කරන්න ගත්තා.
මේ ෆයිල් එක ඇතුලේ තියෙන කතාව මොකක් වුනත්, ඒක නිකම්ම නිකන් කතාවක් වෙන්න බැහැ. මම ෆයිල් කවරය අතට අරගෙන තේ උගුරක් කටට දාගන්න ගමන් හොදට පුටුවට හේත්තු වුනා. මොන වැඩේ කරන්නත් කලින් මුලින්ම මේක කියවලා ඉන්න ඕනේ.
ෆයිල් කවරයේ මුල්ම පිටුවේ ලොකු අකුරින් කතාවේ නම ලියලා තිබුනා.
"බෝම්බ තුනක්"
බෝම්බ 3නක්
Comments
Post a Comment