Posts

පෝ කෘතියෙහි මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

Image

බාබා එක්ස් කෘතියෙහි මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

Image

නුහුරු නුපුරුදු ආදරේ සමග ඔබ හමුවට එන දෙවිදූ රණබාහු

Image
නුහුරු නුපුරුදු ආදරේ සමග ඔබ හමුවට එන දෙවිදූ රණබාහු අද පොත්මී අලුත් පොතක් සමග     1. “නුහුරු නුපුරුදු ආදරේ” කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමු කෘතිය. මොන වගේ කතාවක්ද මේ කෘතියෙන් ඔබ පාඨකයින් වෙත ගෙන එන්නේ …? * ඔව් නුහුරු නුපුරුදු ආදරේ කියන්නෙ මුද්‍රිත මාධ්‍යයෙන් එන මගෙ පලෙවනිම කෘතිය ඒක දොරට වැඩියෙ මේ වසරේ පෙබරවාරි 21. මේ කතාවට පදනම් වෙන්නෙ අසම්මත ආදර කතාවක්.. විවාහක තරුණයෙක් සහ ගමෙන් නගරයට එන යුවතියක් අසම්මතයේ බැඳිලා ඔවුන්ට එන ප්‍රශ්න හමුවේ දෙදෙනාම එකිනෙකා ගැන හොඳ විශ්වාසයෙන් ආදරයෙන් ඇවිත් අවසානයේ සම්මත රාමුවකට පැමිණෙන ගමනක් තමයි නුහුරු නුපුරුදු ආදරේ කතාවට පදනම් උනේ.. සරල අසම්මත කතාවක් නෙමෙයි මේ කතාව ඇතුලෙ ජිවත් වෙන ප්‍රධාන චරිත තුන සහ අනෙක් සෙසු චරිත හැම එකක්ම කියවන කෙනාට පණිවිඩයක් දෙනවා.. ඒ විදිහටයි මං කතාව ගැලපුවේ… 2. මෙය මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කිරීමක් කළොත්…? * ඉස්සෙල්ලාම මතක් කරන්න ඕනෙ මගෙ අම්මයි තාත්තයි.. අම්මා තමයි මං මේ තියපු පලවෙනි පියවරේ පටන්ම මගෙ පිටිපස්සෙන් ඉන්නෙ.. ඒ වගේම නුහුරු නුපුරුදු ආදරේ මුද...

පාරා සමග ඔබ වෙත එන ලයන්තී නානායක්කාර අද පොත්මී "අලුත් පොතක්" සංවාදය සමග

Image
පාරා සමග ඔබ වෙත එන ලයන්තී නානායක්කාර අද පොත්මී “අලුත් පොතක්” සංවාදය සමග     1. ” පාරා ” කියන්නේ මුද්‍රිත මාධ්‍ය යෙන් පාඨකයින්ට පිදෙන ඔබේ පළමු කෘතිය. මුලින්ම මේ කෘතියේ අන්තර්ගතය ගැන පොඩි හැඳින්වීමක් කරමු … 💠 පාරා නවකතාව මුහුණු පොතේ මා විසින් පලකල නවකතා අතරින් පාඨකයින් විසින් ඉතාම ආදරයෙන් වැළදගත් නවකතාවක්. රහස් පරීක්ෂක ගණයේ නවකතාවක් විදියට තමා පාරා ලියවෙන්නේ. පාරා නැත්නම් පාරින්ද්‍යා කෙනුලි රත්නායක කියන්නේ ගොඩාක් අහිංසක චරිතයක්. නමුත් ඇගේ ජීවිතය හරහා කුණාටුවක් හමායනවා ඇගේ දෙමාපියන් ඝාතනය වීමත් සමගින්. දෙමාපියන්ගේ වියෝවත් සමගින් හුදකලාවට ප්‍රිය කරන චරිතයක් බවට පාරා පත්වෙනවා. ඇය, ඈ වටා වූ සියලු බැදීම් ප්‍රතික්ෂේප කරනවා. ඉතිං , පාරා ඇගේ ජීවිත කතාව ජයගන්නේ කොහොමද ? පාරාට ආදරය කරන්නේ කවුද? පාරාගේ දෙමාපියන් මරණයට පත්වීමේ අභිරහස විසදෙන්නෙ කොහොමද ? මේ ප්‍රශ්න වලට උත්තර ඕනිනම් මං ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා පාරා පොත ගන්න කියලා. අරන් කියවලා අනිවාර්යයෙන්ම මට ඔයාලගෙ අදහස් ඉදිරිපත් කරන්න කියලා . 2. මෙය මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කිර...

ස්නේහ නැංගුරම් කෘතියෙන් ඔබ හමුවට එන සචිනි ලෙව්කේබණ්ඩාර

Image
ස්නේහ නැංගුරම් කෘතියෙන් ඔබ හමුවට එන සචිනි ලෙව්කේබණ්ඩාර අද පොත්මී අලුත් පොතක් සමග   1.“ස්නේහ නැංගුරම් කියන්නේ” මුද්‍රිත මාධ්‍යයෙන් පාඨකයින්ට පිදෙන ඔබේ පළමු නවකතාව ඉතින් මුලින්ම මේ කතාවේ අන්තර්ගතය ගැන සදහනක් කරමු. මං මේ කතාව ලියන්න පටන් ගත්තෙ මීට අවුරුදු එක හමාරකට දෙකකට කලින් සයිබර් අවකාශයට, හැබැයි ඒ කතාවම පොතක් වෙලා එළියට එද්දී කතාවේ පෙළගැස්වෙන බොහෝ සිද්ධි මාලාවන් වර්තමාන සමාජයේ වෙන්න පටන් අරන් තියෙනවා, ඒ දේවල් අපි කණින් අහනවා ඇසින් දකිනවා. මං අනාගතය කියන්න දන්නෙ නැති උනත් කුමක්දෝ හේතුවකට ඒ දේවල් අද සමාජයේ වෙනවා. විශේෂයෙන් මේ නවකතාවෙ ප්‍රධාන කාන්තා චරිත තුනක් තියෙනවා, ඒ එක් එක් ගැහැණුන්ට විඳින්න සිදුවන පීඩා විවිධාකාරයි. ඔවුන් ඒ සටන දිනන්නේ කොහොමද වගේම අපි පිට ඔපයෙන් මනින මිනිසුන්ගේ ඇතුළාන්තය මේ කතාවෙ අන්තර්ගත වෙලා තියෙනවා. 2. මෙය මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කිරීමක් කළොත්…? මට සහයෝගය දුන්න ගොඩක් අය ඉන්නවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ තාරා පොත් ප්‍රකාශන ආයතනයේ අධිපතිනි තරංගා දිසානායක මිස්, මිස්ගෙ මඟපෙන්වීම නැත්නම් මේ කතාව පොතක් වෙන්නෙ නෑ. ඒ වගේම ...

සන්තානේ අංගනාවී සමග ඔබ හමුවට එන ඕෂධී නවරත්න

Image
සන්තානේ අංගනාවී සමග ඔබ හමුවට එන ඕෂධී නවරත්න     1. ” සන්තානේ අංගනාවී ” කියන්නේ මුද්‍රිත මාධ්‍ය යෙන් පාඨකයින්ට පිදෙන ඔබේ පළමු කෘතිය. මුලින්ම මේ කෘතියේ අන්තර්ගතය ගැන පොඩි හැඳින්වීමක් කරමු… මුලින්ම මං ඔයාටත් පොත් මී වෙනුවෙන් වෙහෙසෙන හැමෝටමත් ස්තූතිවන්ත වෙන්න කැමතියි මට මේවගේ අවස්ථාවක් දුන්නට..”සන්තානේ අංගනාවී “ගත්තොත්…එක පුංචි කෙල්ලක්..අම්මාගේ තාත්තාගේ ආදරේ මැද්දේ සුරංගනාවියක් වගේ ජීවත්වෙනවා…ඒත් එක් මොහොතකදී එයාගේ සුරංගනා ලෝකෙම කඩාගෙන වැටෙනවා.හැමදේම… එයාගේ ආදරේ පවා….ඒවගේ වෙලාවක ගැහැණියක් කොහොමද නැගීසිටින්නේ කියලා ..කොහොමද මූනදෙන්නේ කියලා මං මෙතනදි කතා කරනවා . 2. මේ කෘතිය මුද්‍රණය කිරීමේ කාර්යයේදී ඔබට බොහෝ දෙනා උදව් වෙන්නට ඇති .ඒ අය ගැනත් මේ මතක් කිරීමක් කළොත්…? ඇත්තටම සිතුවිලි නිම්නයේ මගේ හිතවත් ලියන්නියෝ එකාවගේ ඉදන් මාව ඉස්සරහට තල්ලු කලා.ඒ වගේම මගේ කියවන්නියෝ රෑනත් එහෙමයි …වචනෙන් වචනේ මාව දිරිමත් කලා..ඒවගේම විශේෂයෙන්ම පහන් ප්‍රකාශන හී සමන්ත මහත්මයාව ඉතා ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා…මාගේ ලියවිල්ල විශ්වාස කරම...