ලංකාවේ ලිංගිකත්වය ගැන කතා කිරීම සටනක්, ඒක මාත්‍රාවකට කරන්න ඕන, මාත්‍රාව වැඩිවුනොත් අපිටම විෂ වෙනවා
අද පොත් මී අලුත් පොතක් සාකච්ජාව “ පෝ ” සමග යලිත් කරළියට එන මුතුමුදලිගේ නිශ්ශංක සමග 1. ඔබගේ අලුත්ම පොත “පෝ”මේ වන විට පාඨකයින් අතට පිදෙන්නට බොහෝම සීම්ත කාලයක් තිබෙන්නෙ. ඔබගේ කතා එකෙනෙකට වෙනස් බොහොම අපූරු මාතෘකා වලින් යුක්තයි. ඉතින් මේ “පෝ” කෘතියත් නම වගේම අන්තර්ගත්යෙනුත් වෙනස් කතාවක්. කතාවේ අන්තර්ගතය ගැන ඔබතුමා මේ වෙද්දිත් යම් යම් ඉඟි පාඨකයින්ට ලබා දීල තිබෙනවා. අපි කැමතියි එහි අන්තර්ගතය ගැන තවදුරටත් පැහැදිළි කිරීමක් දැනගන්න… ලංකාව වගේ රටක ලිංගිකත්වය ගැන කතා කිරීම සටනක්, ඒක මාත්‍රාවකට කරන්න ඕන, මාත්‍රාව වැඩි වුනොත් ඒක අපිටම විෂ වෙන්න පුලුවන්. මම මෙතෙක් ලියපු ත්‍රිත්ව, බේබී, වගේම පෝ තුලිනුත් කතා කරන්නේ ලිංගිකත්වයේම තවත් පැති කඩක් ගැන. හැබැයි අර කලින් කිව්ව විදියට අධි මාත්‍රාවෙන් නෙමෙයි. ලාංකිකයින්ගේ මනසට දෙයක් දාද්දී ඒක දාන්න ඕන ටිකක් රස කරලා, එතකොට තමයි හොදට ඔළුවට කිදා බහින්නේ, ත්‍රිත්ව සහා බේබී වගේම පෝ කෘතියත් ත්‍රාසය භීතීය එකතු කරපු, සමාජය නපුංසකයින් නමින් හදුන්වන සංක්‍රාන්තී ලිංගිකයින් ගැන, ඒ ත්‍රාසය යටින් හිතාමත්ම සියුම්ව කතා කරන ...