කතා කරන මහ වැව කෘතියෙන් ඔබ වෙත එන සුමනා විජේරත්න මහත්මිය අද පොත්මී සමග
කතා කරන මහ වැව කෘතියෙන් ඔබ වෙත ආ සුමනා විජේරත්න මහත්මිය, අද පොත් මී අලුත් පොතක් විශේෂාංගයෙන් – 01. කතා කරන මහවැව කියන්නේ ඔබගේ දෙවෙනි කෘතිය. වෙනස්ම මානයක් ඔස්සේ ලියවුන මේ කෘතියේ අන්තර්ගතය ගැන පොඩි පැහැදිළි කිරීමක් කළොත්…? පොතේ අන්තර්ගතය පදනම් වෙලා තියෙන්නේ ලංකාවේ කුඩා වාරිමාර්ග පද්ධතිය සහ එම තාක්ෂණය හා බැඳුණු ග්‍රාමීය ජන ජීවිතය පිළිබඳව කතිකාවතක්. හැබැයි මේක ගොතපු කතාවක් වත් එහෙම නැත්නම් පර්යේෂණ කෘතියක් වත් නොවෙයි. ඒවගේම මේක මගේ ජීවිත කතාවත් නොවෙයි. හැබැයි මේ පොතේ ඇතුළත් හැම සිද්ධියක්ම, හැම කතන්දරයක්ම සත්‍යය කතා සහ මගේම අත්දැකීම්. අන්තර්ගතය කාලය හා අවකාශ තරණයක්. ඉතිහාසයට යනවා වගේම ලංකාව විතරක් නොවෙයි ලෝකය පුරාත් යනවා. හැබැයි වැඩි පුර කේන්ද්‍රගත වෙලා තියෙන්නේ හැටේ දශකයේ කුඩා දරුවෙක්ව සිට, හැත්තෑව දශකයේ නව යොවුන් විය අභිනන්දනය කළ, අසූව සහ අනූව දශකයේ රාජ්‍යය සේවයේ සිට, නව මිලේනියාවේ දී තම පවුල සමඟ කැනඩාවේ පදිංචියට පැමිණි ශ්‍රි ලාංකික ගැමි දියණියක් තමන් ගේ ඇසින් තම ගමේ සිදුවී ඇති විපරිණාමය දෙස බලමින් එය ලෝක තත්වයන් වගේම ලංකාවේ ඈත අතීතය සමග සාපේක්ෂව සසඳමින් යම් පණිවිඩ...