Posts

Showing posts from June, 2021

තුන්බිය කෘතිය සමග ඔබ හමුවට එන මධුරි පියුමාලි විජේසූරිය

Image
එකිනෙකට බන්ධිත වූ කෙටිකතා ත්‍රිත්වයක එකතුවෙන් නිමවූ ‘තුන්බිය’ කෘතිය සමග ඔබ හමුවට එන මධුරි පියුමාලි විජේසූරිය අද පොත්මී “අලුත් පොතක්” විශේෂාංගයෙන්   1. “තුන්බිය” කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමු කෘතිය. මොන වගේ කතාවක්ද මේ කෘතියෙන් ඔබ පාඨකයින් වෙත ගෙන එන්නේ ?  ඔව්. තුන් බිය මගේ පළමු කෘතිය. “තුන් බිය” අද්භූත ශානරයෙන් ලියවුණු පරීක්ෂණාත්මක සිද්ධාන්ත, පරිකල්පනයන් තුළින් ගොඩ නැගුණු අද්භූත රසයෙන් නිම වූවක්. බටහිර සංකල්පයන් තුළ එන යක්ෂයන් අළලා ලියැවුණක්. ඔවුන් මිනිස් මනසට ඇතුළු වීම ඔවුන්ගේ බලපෑම් තුළ ඇතිවන මිනිස් ක්‍රියාකාරකම් විපර්යාසයන් තුළ සිදුවන භයානක සිදුවීම් මාලාවන් මේ තුළින් දිග හැරෙනවා. 2 මෙය මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කිරීමක් කළොත්…? මුද්‍රිත මාධ්‍යයට පොතක්ගෙන ඒමේ බලාපොරොත්තුවේ ඒ ගමනෙදි මගෙ ළගින්ම හිටියකෙනෙක් තමයි මගෙ සීයා. අද මම ලඟ නොහිටියත් මතකයන්වල ගැඹුරුම තැනක සිටින ඔහු සිහිපත් කරන්නේ ගොඩක් ආදරයෙන් වගේම ගෞරවයෙන්. ඒ වගේම සැම විටම ශක්තියක් වූ මගේ අම්මායි, තාත්තායි සහෝදරියට වගේම සහෝදරයටත් නෑදෑ හිතවතුන් හ...

මීදුම් මතක රැගෙන ඔබ හමුවට එන කාවින්ද්‍යා රත්නායක

Image
අද පොත්මී “අලුත් පොතක්” විශේෂාංගය සරසන්නේ ලේඛිකාවක්, ගුරුවරියක් සහා සංස්කාරකවරියක් වන කාවින්ද්‍යා රත්නායක මහත්මිය. මේ ඇයගේ නවතම කෘතිය මීදුම් මතක ගැන –   1. “මීදුම් මතක” කියන්නේ මුද්‍රිත මාධ්‍ය‍යෙන් එන ඔබේ පළමු කෘතිය. අපි මුලින්ම කතා කරමු මේ කෘතියේ අන්තර්ගත වෙන්නේ මොන වගේ කතාවක්ද කියලා…? මූලිකවම ආදරය. ආදරය කිව්වහම යොවුන් ප්‍රේමයම විතරක් නෙවෙයි. දෙමාපියන් දරුවන් අතර ආදරය, සහෝදර ආදරය, වගේම මිතුරු ආදරය. හැමදේම එක කතාවකට කැටි කරන්න ගත්ත උත්සහයක්. කෙනෙක්ගේ ජීවිතය ඇතුලේ ආදරයට සහ අවධානයට හිමිවිය යුතු නැත්වල හිස් තැන් ඇති වුණාම සිද්ධ වෙන්න පුළුවන් සිද්ධීන් ගනනාවක් විවිධාකාර ස්වරූප වලින් තියෙනවා. ඒ වගේමයි. අපි ළමා මනෝවිද්‍යාවෙදි ඉගෙන ගන්නවා Love and Affection ගැන. මූලිකවම දරුවෙක්ගේ මුල් ළමා වියේදී ඒ දේවල අඩුවක් සිද්ද වුනාම ඒක දිර්ඝ කාලීනව පෞර්ෂයට බලපෑම් එල්ලකරනවා. අපේ කතාවේ ප්‍රධාන පිරිමි චරිතය ගොඩ නැගෙන්නේ ඒ වගේ අඩුපාඩුවකට මූණ දුන්නු කෙනෙක් විදියට. එයාගේ ජීවිත කතාව ඇතුලේ අපි කතා කරනවා අන්තිම බින්දුවට වැටෙන මනුස්සයෙක්ට ජීවිතේ ඉහළටම යන්න ආදරේ කොහොමද සහය වෙන...

හැමෝටම Online පොත් ගන්න Dill Books නිර්මාණය කල ඩිලක්ෂි භාග්‍යා

Image
පොත්මී “සල්පිල” විශේෂාංගයෙන් අද ඔබ හමුවට එන්නේ හැමෝටම ඔන්ලයින් ක්‍රමයට පොත් මිලදී ගැනීමට “Dill Books” නිර්මානය කල ඩිලක්ෂි භාග්‍යා, මේ ඇයගේ කතාව –     1. මුලින්ම ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරමු…? පළමුවෙන්ම මම කැමතී ස්තූතිවන්ත වෙන්න මේ අවස්ථාව ලබා දුන්නට මුතුමුදලිගේ නිශ්ශංක අයියට වගෙම පොත් මී ඔයාලා හැමෝටම. මම ඩිලක්ෂි භාග්‍යා. දැනට පදිංචිය මාලබේ. වයස 23යි. දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධියක් හදාරනවා. 2 මොකද්ද මේ Dill Books කියන ඔබේ ව්‍යාපාරයේ අරමුණ වෙන්නෙ…? මගේ මූලික අරමුණ තමයි තවත් කෙනෙකුට එක්තරා ආකාරයකින් දැණුම සැපයීම වගේම ජීවිතයට සතුටක් එක් කිරීම. 3.අපි දන්නවා වර්ථමානයේදී පොත් ක්ෂේත්‍රය තුළ මේ වගේ ව්‍යාපාර ගණනාවක් බිහිවෙලා තියෙනවා. ඔබටත් මේ ව්‍යාපාරය පටන් ගන්න විශේෂ හේතුවක් තිබෙනවාද…ඒ වගේම Dill Books කොහොමද අනෙකුත් මෙවැනි ව්‍යාපාර වලට වඩා වෙනස් වෙන්නෙ…? මේ කාලෙ ලංකාව විතරක් නෙමෙයි ලොකේ හැමෝටම ටිකක් අමාරු කාලයක්. ඒ වගේම තමයි ගෙවල් ඇතුළටම කොටු වෙලා ටිකක් මානසික මට්ටම තරමක වෙනස්කම් සිද්ද වෙලා තියෙනව...

ඉදිරියේදි පොඩි දරුවෝ වෙනුවෙන් නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

Image
සංවේදනා සමග යළිත් ඔබ වෙත එන ශ්‍යාමිකා ජයශානී බස්නායක අද පොත්මී “අලුත් පොතක්” සමග,    1. සංවේදනා කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ තුන්වන කෘතිය. ඒ වගේම මෙය කෙටි කතා සංග්‍රහයක්. ඉතින් මෙහි ඇතුලත් වෙන කෙටි කතා ගැන පොදුවේ හැඳින්ව්මක් කරමු මුලින්ම. සංවේදනාවේ කෙටි කතා 17 ක් අන්තර්ගත වෙනවා. විවිධ ශානරයන්ගෙන් ලියවුණ, විවිධ තේමාවන් කිහිපයක් ඔස්සේ තමයි සංවේදනාව නිර්මාණය වෙන්නේ. හැම අංශයක්ම නිරූපණය වෙන ආකාරයට විවිධ හැඩ රාමු ඔස්සේ නිර්මාණය වුණ සංවේදනා කෘතිය ඇතුළේ සමාජයට යම්කිසි පණිවුඩයක් ලබාදීම මගේ අරමුණක් වුණා.   2. මේ කෘතිය මුද්‍රනය කිරිමේ කාර්යට බොහෝමයක් දෙනාගෙන් ඔබට උදව් උපකාර ලැබෙන්නට ඇති. ඒ අය ගැනත් මතක් කිරීමක් කරමු… සංවේදනා මගේ විතරක් හීනයක් නෙමෙයි. මේ හීනයට ඇප කැපවුණු ගොඩක් අය ඉන්නවා. මගේ අම්මටයි තාත්තටයි ගොඩක් පින් මම ළඟින් හෙවනැල්ල වගේ ඉදගෙන හැමදේටම පාර පෙන්නුවට.. මුලින්ම හීනයට පාර කැපුවේ මාධවී නංගි, මිලින්ද මල්ලි… ඊට පස්සේ ටයිප් සෙටින් එකේ ඉදන් හැම වැඩකටම උදව් කළේ චතූ. ලස්සන කවර් එකක් හදලා දීපු මගේ මල්ලි, නලින් අයියා මේ වෙලාවේ මතක් කරන්නම ඕන. තව සංවේදනාවත් එක්ක ලස...

මටුලු නවකතාව සමග ඔබ වෙත එන ලේඛක ඉන්දික පෙරේරා

Image
අද පොත්මී “අලුත් පොතක්” සාකච්චාව සමග ඔබ හමුවට එන්නේ, ලක්ෂ්මන වර්ණ, ෆිදෙල්, මැන්ඩෙලාගේ ජීවිත කතාව වැනී කෘතීන් රචනා කල ලේඛක ඉන්දික පෙරේරා, මේ ඔහුගේ නවතම කෘතිය “මටුලු” ගැන     1. ” මටුලු” නමින් පාඨකයින් අතට පිදෙන්නේ ඔබේ පළමුවැනි නවකතාව. ඉතින් මේ කෘතියේ අන්තර්ගතය මොකක්ද කියල මුලින්ම කතා කරමු… මටුලු” සරලව ගත්තොත් මගේ ජීවිතයෙන් කොටසක් නමුත් ඒ කොටස ඒ තරම් සරල එකකුත් නෙමෙයි. මේ කතාකරන්නේ හැත්තෑව මැද භාගයේ ඉදන් අසූව අවසානය දක්වා වූ කාලසීමාව ඇතුළේ කිසිම සමාජ පන්තියකට අයිති නැතිව, එහෙමත් නැත්නම් මනසෙන් මධ්‍යම පාන්තික වුණු නමුත් ප්‍රායෝගිකව දුප්පත් කලාපයට අයිති පවුලක් ගැන. ඔවුන් අත්විදින සිදුවීම් මාලාවක් ගැන. මේ සිදුවිම් සියල්ලම දෝලනය වෙන්නේ අම්මාවරු දෙන්නෙක් එක්ක. ඔවුන් ජීවත් වීම සඳහා අරගලයක් කරන අතරේම බාහිර ලෝකයෙන් ඇතිවෙන ප්‍රශ්න වලට මුහුණ දෙන හැටි තමයි මටුලු මේ අම්මාවරු දෙන්නාත් එක්ක කතාකරන්නේ. මේ කතා කරන කාලසීමාවේ විවිධ කලබැගෑනි සිද්ධ වෙනවා. හැත්තෑවෙන් පස්සෙ මිනිස්සුන්ගේ ජීවිත පහසු නැහැ. ඔවුන් තරුණ අරගලයක කලබල වලින් පීඩාවට පත්වෙච්ච වෙහෙස...