Posts

Showing posts from August, 2020

රාක්ෂස

(ප් ‍ රතිනිර්මිත ඉතිහාස කතාවකි) ආකාශය රත් පැහැතිය. තවත් දවසක් නිමාවන්නට හෝරා කීපයක් ඉතිරිව ඇත. කර්කශ වියළි සුළං තවමත් වැව් ඉවුර සිප ගනිමින් ඔහේ හමා යයි. වැව් තාවුල්ලෙන් උදළු කෙටිය තබා නැමී වැව් දිය දෝතක් මුහුණෙහි ද ගෙලවටා ද තවරා ගත් සේදරා නළල රැලි කරගත් වනම ඉනට අත තබා ගත්තේය. උපන් දා සිට මහ කන්න පනහක් හැටක් පසු කර ඇති මේ වයෝවෘද්ධ මිනිසාගේ ශරීර ශක්තිය නම් තවමත් පිරිහී නොමැත්තේය. හේ අසලින් ම සිටගත් සේදරාගේ බාලම පුත් ‍ රයා වූ නන්ද තම දෑත ඉනෙහි තබා හැඟීම් තොර දෑසින් වැව දෙස බලා උන්නේය. “අහසේ පාටත් විජිතපුරේ වගේමයි කොල්ලෝ. මැරිලා වැටෙන අපේ උන්ගේ ලේ පාට ආකාහේ උරා ගන්නැහේ රතට රතේ දිලිහෙන්නේ. මයෙ ජීවිතේට මෙහෙම දැකලා නෑ” සේදරා කීවේ පිටුපස නොහැරී වුවද් නන්ද තමා පිටුපසින් සිටිනා බව දැනගෙනය. ” විජිතපුරේ කියන්නේ එහෙම දිනන්ඩ ඇහැකි බලකොටුවක් නෙමේ අප්පොච්චී. ගැමුණු කුමාරයා අනික් බලකොටු අල්ලගත්තට විජිතපුරේ පහසු නොවේවි” නන්ද පිළිතුරු දුන්නේය. ” ඒකනේ බොල මේ හාර පෝයක් ගෙවෙනකන් වලි කන්නේ. උබලත් කතා කොරන්නේ හරියට මේක දෙමළටම දීල නෙව” සේදරාගේ හඬ වේගවත්ය. දේශානුරාගය ගැබ් ව සි...

මරණයේ රෝසපත්

සිහින් දිගු ඇසිපිය දුඹුරුවන් දෑස ඔහුගේ මනසෙහි යළි යළිත් මැවී පෙනෙන්නට විය. නා දල්ලක පැහැ ගත් දෙතොළ ආලේපන කිසිත් ගල්වා නැති බවට සහතික විය. දිගු කේෂ කල්‍යාණිය පුළුල් නිතඹ සහා ඇත් දළ පැහැ ගත් පිරුණු කලවා පිරිමි නෙතට රසඳුනකි.සිහින් දිගු ඇගිලි ඔහු දෙසට දිගු කර ඇය වෙතට පැමිණෙන ලෙසට ඉඟි කරන්නට විය. අඩක් විවරව තිබූ ගවුම් කරෙන් එළියට පනින්නට මෙන් බලා සිටින පියයුරු සඟල තව දුරටත් ඔහුට ඔහුවම පාලනය කර ගන්නට ඉඩක් නොදෙන බවනන් විශ්වාසය. “ එන්න රූ එන්න. මම ලගට එන්න. ඇවිත් සැනසෙන්න මේ සේරම ඔයාගේ” ඔහු ඇය දෙසට ගමන් කරන්නට සූදානම් වෙත්ම අසල වූ ජංගම දුරකථනය නාද වෙන්නට විය. තිගැස්සී අවධි වූ රුවන් ජංගම දුරකථනය දෙසත් ඔහු ඉදිරියේ වූ කෑලි කැපිය හැකි තරමේ ඝණ අන්ධකාරය දෙසත් බලා සිටින්නට විය. සිහි එළවා ගත හැකි පළමු තත්පරයේදීම තමා මෙතෙක් වේලාවක් දුටුවේ සිහිනයක් පමණක් බව වටහා ගත්තේය. “ සුදු මහත්තයා. තව පැය කීපයකින් ඔයා මගේ වෙනවා” දුරකථනයේ එහා පස සිටි යුවතිය සෙමෙන් මුමුණන්නට වුවද ඔහුට මැවි මැවී පෙනෙන්නට වූයේ සිහිනෙන් දුටු රාගී යුවතියයි. ඔහුගේ දෙඇස් කාමයෙන් පිරී යන්නට විය.තව පැය කිහිපයකින් පෝරූ මස්ථකාරූඪව තම පතිනිය කර ...

මහ එකා

“සුදු හාමිනේ..බඩත් උස්සගෙන මහන්සි වෙන්න හොඳ නෑ නොවැ..ඉන්ඩ..මම ඔය රෙදි ටික වනන්නම්..” “මට මහන්න්සියක් නෑ අයියණ්ඩි..මහන්සි නොවී ඉන්ඩත් හොඳ නෑ..” එහෙම කියල බෑ..ඔය කුසේ ඉන්නෙ මගෙ ලේ ධාතුව..මම මැරුණත් කමක් නෑ..ඒත් උඹල දෙන්නට අතුරු අන්තරාවක් වෙන්න නාකයි..ඉදින්කො..හීන් නඟාටවත් එන්න කියන්නම් මම උඹව බලාගන්ට..මමත් හේනට ගියාම උඹ තනියමනෙ මගෙ මැණිකේ” ………………………………………………………………………………………. මේ 1970 දශකයයි..එකල හද්දා පිටිසර ගම්මාමනක් වූ ඇතිලිවැව ගම්මානය මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත..අද මෙන් නොව එකල ප්‍රවාහනය හා විදුලිය ඉතා අඩු මට්ටමක පැවතිණ.කෘෂිකාර්මික වගාව ජීවනෝපාය කරගත් උක්කුවා තරමක හැඩි දැඩි පුද්ගලයෙකු විය..හේන් වගාවටත්,දඩයමටත් ඔහු තරම් හපනෙකු අහල ගං හතකවත් නොවීය.තල,කුරක්කන්,බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගත්,වට්ටක්කා,බටු,තක්කාලි මිරිස් වැනි එළවලු වර්ගත් වසර පුරා වගා කර සෑහෙන ආදායමක...

දඩයක්කාර ආත්ම

මගේ නිරුවත් උඩුකය පුරාම දාඩිය වැක්කෙරෙන හැටි මට දැනුනත් ගල් ගැහුන ශරීරය ඒ වෙලාවේ තිබුනේ මට ඕන විදිහට හසුරුවා ගන්න පුලුවන් විදිහකට නෙවෙයි. එළියේ ඉදන් ගේ ඇතුලට මං ආවේ හීනෙන් වාගේ. මට තාමත් ඒ ඇස් මතකයි. ඒවා වියරුවෙන් පිරිලා. ද්වේශය පිටාර ගලනවා. සතියක් නෑ මං මෙතනට ඇවිත්..ඒත් ඒ සතියේ එකම දිගට එකම හීනයක් උඩ මං ජීවත් වෙනවා. ”කෝලිත අයියේ… කෝලිත අයියේ” මං එහා පැත්තේ නිදාගෙන උන්නු කෝලිත අයියට කීද්දුවවත් ”හ්ම්” ගාපු මිනිහා ආයෙම අනෙක් අතට හැරිලා නිදා ගත්තා. ”නැගිටපන්කෝ..මං.. මං…මිංගියගේ සොහොන..” මට ඉවරෙටම කියන්න අවස්ථාවක් නොදීම ඌ නැගිට්ටේ ඉද්ද ගහලා වාගේ මිංගිගේ නම අහද්දීම. ”ඇයි… ඇයි බං.. මොකක්ද සොහොනේ?” ඇස් නලලේ තියාගෙන කෝලිත අයියා ඇහුවේ මගෙන්. ”නෑ බං. මං දැක්කා සුදුම සුදු හංසයෙක් ඉන්නවා” ඔව් මං ඇත්තටම ඒක දැක්කා. මෙච්චර කල් හීනෙන් දැකපු ඒ දර්ශනය ඇත්තටම දැක්කා කියන්න මට ඕන උනා. ”උඹ දැන් නිදාගෙන නෙමේද උන්නේ?” ”නෑ.. මං එළියට ගිහින් ආවා විතරයි.මට තාම හීනයක් වාගේ” මං කිව්වේ ඇත්ත. හංසයෙක් හිටියා. ඒත් කෝල...

ඉත්තා

බස් රථයෙන් ඉක්මනින් බිමට පැනගත් මම කලබලයෙන් කඩයක් ඇතුලට දුවගෙන ගියේ බෑගයෙන් හිස මුවාකරගෙනය. මාත් සමඟම බසයෙන් බැස් ගත් අනිත් අයත් හිස් ලූලූ අත දුවනවා මම දුටුවෙමි. ඒ අනූව දශකයේ වසරක නොවැම්බර් මාසයේ දවසක් නිසා සවස හයටත් කලින් ඉර බැස යයි. තැනින් තැන තිබූ පහන් කණුවල විදුලි බුබුළු දැල්වී තිබුණද ඒවයින් නිකුත් වෙමින් තිබ්බේ දුබල ආලෝකයකි. ” අක්කේ බොරළුවැවේ බස් එක ගියාද ? ” කඩේ අයිතිකාරියගෙන් මම එය විමසුවෙමි. නමුත් බස් නැවතුම් පලේ බොරළුවැවට යන බස් එක නතර කරන තැන තිබුණේ හිස්වය. ඒ නිසා ඇයගෙන් යහපත් ප් ‍ රතිචාරයක් නොලැබෙන බව මට විශ්වාසය. ” බස් එක ගිහිල්ලා ගොඩක් වෙලා මල්ලී. දැන් රෑ හතත් පහුවෙලානේ. ” මම සිතූ විදිහටම ඇයගේ මුව්න් නිකුත් වුනේ සුබ වාදි පිළිතුරක් නොවුනද ඒ වෙද්දී රෑ හතත් පහුවී ඇති කියා මට නිකමටවත් සිතුණේ නැත. ” එහෙනම් ඉතින් හැතැම්ම පහක් විතර පයින් යන්න තමා වෙන්නේ. ” කඩය වසන්න ඔන්න මෙන්න උන්න ඇයට කියූ මම කඩවුණ බලාපොරොත්තුවෙන් එතනින් ආවෙමි. ” මල්ලි මේ වැහි වෙලාවේ තනියම බොරළුවැවට යන පාරෙනම් යන්න එපා. ” ” නෑ අක්කේ මම ඒ පාරෙන් නෙමේ යනවනම් යන්...

ලස්සන බිරිදගේ රහස

Image
ගෙගාම් උදෙන්ම මෂ්තෝස් වල තිබුනු මාර්කට්ටුවට ගියේ සති අන්තයට බඩුවගයක් ගන්න හිතාගෙන… මාර්කෙට්ටුවට ගොඩ වෙනවත් එක්කම ගෙගාම් දැක්කා හොදට දැකලා පුරුදු මුහුනක්… ඔහු ටිකක් විමසිල්ලෙන් බැලුවා … ” නිකෝල් … ” ඔව් ඒ නිකෝල්… ඔහුගේ පාසැල් කාලයේ යහලුවෙක්… අවුරුදු 15කට විතර පස්සේ ගෙගාම් අදයි නිකෝල් ව දැක්කේ…. ඔහු නිකෝල්ව වැලද ගත්තා .. ” යෙරෙවාන් පාසැලෙන් අස් වුනාට පස්සේ උබට මුන ගැසුනේම නැහැ ” ගෙගාම්ටත් ගොඩක් සතුටුයි… ” ඔව් යහලුවා…. මම යෙරෙවාන් වලින් අස්තරාක් වලට ගියා..දැන් අපි ජිවත්වෙන්නේ එහේ ” ඔහු තමන්ට එහා පසින් හිටපු කාන්තාවව පෙන්වමින් කිව්වා… ගෙගාම් ඇ‍ය දිහා බැලුවා … නිකෝල් එහා පසින් සුරුපි හැඩකාර කාන්තාවක් හිටගෙන හිටියා..ඇයට තිබුනේ ලස්සන තබ කොඩයක්….ලස්සන සිනහවක්…. උස සිහින් සිරෑරක් .. ” මේ මගේ බිරිද … ලුසී ” නිකෝල් ඇයව ගෙගාම්ට හදුන්වා දුන්නා.. ” බිරිද ” ගෙගාම් මිමුනුවා… ” ඔව් …” ” ෂා උබට ඉන්නේ හරි ලස්සන ගැහැනියෙක්නේ ” ගෙ...