ස්නේහ නැංගුරම් කෘතියෙන් ඔබ හමුවට එන සචිනි ලෙව්කේබණ්ඩාර
ස්නේහ නැංගුරම් කෘතියෙන් ඔබ හමුවට එන සචිනි ලෙව්කේබණ්ඩාර අද පොත්මී අලුත් පොතක් සමග 1.“ස්නේහ නැංගුරම් කියන්නේ” මුද්‍රිත මාධ්‍යයෙන් පාඨකයින්ට පිදෙන ඔබේ පළමු නවකතාව ඉතින් මුලින්ම මේ කතාවේ අන්තර්ගතය ගැන සදහනක් කරමු. මං මේ කතාව ලියන්න පටන් ගත්තෙ මීට අවුරුදු එක හමාරකට දෙකකට කලින් සයිබර් අවකාශයට, හැබැයි ඒ කතාවම පොතක් වෙලා එළියට එද්දී කතාවේ පෙළගැස්වෙන බොහෝ සිද්ධි මාලාවන් වර්තමාන සමාජයේ වෙන්න පටන් අරන් තියෙනවා, ඒ දේවල් අපි කණින් අහනවා ඇසින් දකිනවා. මං අනාගතය කියන්න දන්නෙ නැති උනත් කුමක්දෝ හේතුවකට ඒ දේවල් අද සමාජයේ වෙනවා. විශේෂයෙන් මේ නවකතාවෙ ප්‍රධාන කාන්තා චරිත තුනක් තියෙනවා, ඒ එක් එක් ගැහැණුන්ට විඳින්න සිදුවන පීඩා විවිධාකාරයි. ඔවුන් ඒ සටන දිනන්නේ කොහොමද වගේම අපි පිට ඔපයෙන් මනින මිනිසුන්ගේ ඇතුළාන්තය මේ කතාවෙ අන්තර්ගත වෙලා තියෙනවා. 2. මෙය මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කිරීමක් කළොත්…? මට සහයෝගය දුන්න ගොඩක් අය ඉන්නවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ තාරා පොත් ප්‍රකාශන ආයතනයේ අධිපතිනි තරංගා දිසානායක මිස්, මිස්ගෙ මඟපෙන්වීම නැත්නම් මේ කතාව පොතක් වෙන්නෙ නෑ. ඒ වගේම ...