Posts

සෙනෙහස නුඹයි මගේ කෘතියෙන් ඔබ හමුවට පැමිනෙන දිස්නා සේනානායක, අද පොත් මී අලුත් පොතක් විශේෂාංගය සමග

Image
සෙනෙහස නුඹයි මගේ කෘතියෙන් ඔබ හමුවට පැමිනෙන දිස්නා සේනානායක, අද පොත් මී අලුත් පොතක් විශේෂාංගය සමග       1. සෙනෙහස නුඹයි මගේ කියන්නේ මුද්‍රිත මාධ්‍ය‍යෙන් පාඨකයන්ට පිදෙන ඔබේ පළවෙනි කෘතිය. මේ කෘතිය එළිදක්වන්නට ඔබට සහයෝගය දැක්වූ අය ගැන මුලින්ම සඳහනක් කළොත්..? ඒක දිග කතාවක්.මේ කතාව මුද්‍රණය වෙන්න යන පළවෙනි වතාව මේක නෙවෙයි .මීට කලින් මං පොත කරන්න ගිහින් හොඳටම වැටුනා. මිනිස්සු හරි පුදුමාකාරයි තමන්ගේ කියලා හිතපු මිනිස්සු මාව උපරිම ඇදලා බිමට,දැම්මා ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් නිසා.ඒත් අවසානේ මං ජය ගත්තා.ඇත්තටම මට මගේ හීනයට යන්න ලොකූ හයියක් වුනේ මගේ ලොකූ (විජිත නාමල් දබරේරා ) ඒ හීනය පාට කරන්න මට අත දුන්නේ කේෂී බුක්ස් .ඇත්තටම කේෂී සහා කේෂල අයියා නිසා තමයි අද මගේ හීනය පාට වෙලා තියෙන්නෙ .ඒ දෙන්න මුණ ගැහුණේ නිමල් උඩුගම මහත්මයා නිසා.ඉතින් මේ ටික දෙනාගේ සහායෝගයෙන් මං මගේ හීනේ පාට,කර ගත්තා.   2. ලේඛිකාවක් වීම ඔබේ සිහිනයක්ව තිබුනාද..? එහෙමත් නැත්නම් මේක අහම්බයක්ද…? කොහොමද ඔබ ලේඛන කලාවට යොමු වුනේ…? කවදාවත් මට එහෙම හීනයක් තිබුනේ නෑ.මොකද මං ඒ තරම් ලොකු හීන දැක්ක කෙනෙක් නෙවෙයි ...

"නුඹයි මායාවී" තුළින් ඔබ වෙත ආ හංසනී සමාධී ප්‍රනාන්දු අද පොත්මී සමග

Image
අද “පොත්මී” අලුත් පොතක් සමග ඔබ හමුවට එන්නේ “නුඹයි මායාවී” තුළින් ඔබ වෙත ආ හංසනී සමාධී ප්‍රනාන්දු     1. නුඹයි මායාවී කියන්නේ මුද්‍රිත මාධ්‍ය‍යෙන් පාඨකයන්ට පිදෙන ඔබේ පළවෙනි පොත. ඔබ තවමත් පාසල් අධ්‍යාපනය නිමා කලා පමණයි. ඉතින් මේ විදිහට පොතක් එළිදක්වන්නට හැකිවීම විශාල ජයග්‍රහනයක්. මේ කෘතිය එළිදක්වන්නට ඔබට සහයෝගය දැක්වූ අය ගැන මුලින්ම සඳහනක් කළොත්..? සහයෝගය දැක්වූ අය ගැන සඳහන් කළොත් ඒ අ‍ය අතුරින් මුල්ම තැන ඉන්නෙ මගේ දෙමව්පියන් දෙපළ… ඒ වගේම මගේම සහෝදරයෙක් වූ දර්ශන ඉන්දික සොයුරාවත් මම ආදරෙන් මතක් කරන්න කැමතියි. ඊට අමතරව අනූශා ප්‍රනාන්දු මහත්මියවත් මගේ සොයුරියක් වන ප්‍රසාදි මහේෂිකා සොයුරියවත් මං ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා. නම් වශයෙන් කිව නොහැකි තරම් සහයෝගයක් බොහෝ දෙනාගෙන් ලැබුණත් ඒ සියලු දෙනා ගැන සඳහන් කරන්න අවස්ථාව නැති නිසා ඒ අය ගැන මම මෙහෙම කියන්නම්. නුඹයි මායාවී නවකතාව නැවුම් පිටු අතරට ගන්න උපකාර කල මගේ පවුලේ සියලුම දෙනාටත්, මගේ හිත මිතුරන්ටත් වගේම සහෝදර ලේඛක ලේඛිකාවන්ටත් බෙහෙවින් ස්තූතියි. ඒ වගේම ඒ සියල්ලම අතුරින් මට ලැබුණු ලොකුම සහයෝගය තමයි මගේ පාඨ...

ලංකාවේ ලිංගිකත්වය ගැන කතා කිරීම සටනක්, ඒක මාත්‍රාවකට කරන්න ඕන, මාත්‍රාව වැඩිවුනොත් අපිටම විෂ වෙනවා

Image
අද පොත් මී අලුත් පොතක් සාකච්ජාව “ පෝ ” සමග යලිත් කරළියට එන මුතුමුදලිගේ නිශ්ශංක සමග     1. ඔබගේ අලුත්ම පොත “පෝ”මේ වන විට පාඨකයින් අතට පිදෙන්නට බොහෝම සීම්ත කාලයක් තිබෙන්නෙ. ඔබගේ කතා එකෙනෙකට වෙනස් බොහොම අපූරු මාතෘකා වලින් යුක්තයි. ඉතින් මේ “පෝ” කෘතියත් නම වගේම අන්තර්ගත්යෙනුත් වෙනස් කතාවක්. කතාවේ අන්තර්ගතය ගැන ඔබතුමා මේ වෙද්දිත් යම් යම් ඉඟි පාඨකයින්ට ලබා දීල තිබෙනවා. අපි කැමතියි එහි අන්තර්ගතය ගැන තවදුරටත් පැහැදිළි කිරීමක් දැනගන්න… ලංකාව වගේ රටක ලිංගිකත්වය ගැන කතා කිරීම සටනක්, ඒක මාත්‍රාවකට කරන්න ඕන, මාත්‍රාව වැඩි වුනොත් ඒක අපිටම විෂ වෙන්න පුලුවන්. මම මෙතෙක් ලියපු ත්‍රිත්ව, බේබී, වගේම පෝ තුලිනුත් කතා කරන්නේ ලිංගිකත්වයේම තවත් පැති කඩක් ගැන. හැබැයි අර කලින් කිව්ව විදියට අධි මාත්‍රාවෙන් නෙමෙයි. ලාංකිකයින්ගේ මනසට දෙයක් දාද්දී ඒක දාන්න ඕන ටිකක් රස කරලා, එතකොට තමයි හොදට ඔළුවට කිදා බහින්නේ, ත්‍රිත්ව සහා බේබී වගේම පෝ කෘතියත් ත්‍රාසය භීතීය එකතු කරපු, සමාජය නපුංසකයින් නමින් හදුන්වන සංක්‍රාන්තී ලිංගිකයින් ගැන, ඒ ත්‍රාසය යටින් හිතාමත්ම සියුම්ව කතා කරන ...

රොබරෝසියා රැගෙන ඔබ වෙත ආ "මාධවී ජයසිංහ" අද "පොත්මී" අලුත් පොතක් සමග

Image
අද “පොත්මී” අලුත් පොතක් විශේෂාංගයෙන් ඔබ හමුවන්නේ, රොබරෝසියා රැගෙන ඔබ වෙත ආ “මාධවී ජයසිංහ”   1. ඔබ කොයි කාලයේ කොයි ආකාරයෙන්ද ලේඛන කලාවට යොමුවුනේ..?? මට මතකයි මං පුංචි කාලේ කෙටි කතා , කවි, නිසදැස් ලියන්න පුදුම තරම් ආසයි. ඒත් කවි, නිසදැස් කාටහරි පෙන්නුවට කෙටි කතා නම් කිසිම කෙනෙක්ට පෙන්වලා නැතුව ඇති. ඊටත් බොහෝ කාලයකට පස්සේ මං මානසික බිඳ වැටීමකට ලක් වෙලා ඉන්න දවස්වල මං සයිබර් නවකතා කියවන්න පෙළඹෙනවා. මීට අවුරුදු තුනකට විතර කලින් මං මගේ ප්‍රියතම සයිබර් කතුවරිය ඇලානා මදුරාගොඩ අක්කට මං යෝජනා කරනවා අක්කා මටත් කතාවක් ලියන්න ආසයි කියලා.. එදා අක්කා ඉදන් මේ අවුරුදු තුන පුරාවටම මං ලිව්වා. එන්න එන්නම ලේඛන හැකියාව දියුණු කරගනිමින් විවිධ ශාණරයේ කතා ලිව්වා. ඒ හැමදේකටම පස්සේ මගේ තෙලි තුඩින් රොබරෝසියා ලියවෙනවා. අද ඒ ලස්සන රොබරෝසියා මල පොතක් වෙලා.   2. ‘රොබරෝසියා ‘ කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමුවැනි නිර්මාණය. මේ කතාවේ අන්තර්ගතය කුමක් සම්බන්ධයෙන්ද කීවොත්.. රොබරෝසියා කියන්නේ ආදරය ගැන අලුත් විදියට හිතන්න ආරාධනාවක් ගෙනෙන කතාවක්. හරියට මෙන්න මේකයි කියලා සීමා ...

කැමේලියා සමග ඔබ හමුවට එන මින්දිකා බණ්ඩාර අද පොත් මී අලුත් පොතක් සමග

Image
අද පොත් මී අලුත් පොතක් සාකච්චාව කැමේලියා සමග ඔබ හමුවට එන මින්දිකා බණ්ඩාර සමග   1. ‘කැමේලියා’ කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමුවැනි නිර්මාණය. මේ කතාවේ අන්තර්ගතය කුමක් සම්බන්ධයෙන්ද කීවොත්. මනව දයාව,ප්‍රේමය හා මතෘත්වය පදනම් කරගනිමින් ලියවුණු කතාවක් කිවොත් නිවැරදි. මෙහි වස්තු බිජය වන්නේ වැළලි ගිය අතීතයක ආදර කතාවකින් බිහිව ඔවුන්ගෙන් ගිලිහි ගිය සොඳුරු දියණියකගේ සුන්දර ප්‍රේමය හා සැඟවුණු අතීතය වර්තමාණය වෙත අරන් ඇවිත් තම මවගේ අවසන් කැමැත්ත ඉටු කරන සොයුරෙකුගේ හරි අපුරු කතා පුවතක්.   2. ඔබ කොහොමද ලේඛන කලාවට පිවිසෙන්නේ ? කොයි කාලයේ ඉඳන්ද ලිවීම ආරම්භ කලේ..? ඇත්තටම කිවොත් මම ලිවිම ආරම්භ කලේ පාසල් අවධියේ පටන් , ඒ කියන්නේ සාමන්‍ය පෙළ ලියන කාලේ ඉදලා කවි නිසැදැස් කෙටි කතා ලිවුවා,උසස් පෙළ ඒකල ව්‍යපෘතියටත් කලේ නිසැදැස් නිර්මාණයක්. දැනට වසර 15 කට එහා ඒ කියන්නේ පාසලින් සමුගත් කාලයෙන් පසුව ලියපු නව කතාවක අත් පිටපතක් තවමත් මගේ පොත් අල්මාරියේ තියෙනවා.දැනට මුද්‍රිත පිටුවලට ආවේ එක කතාවක් උනත් ලියලා ඉවරවුන නවකතා හා කෙටි කතා කීපයක් මා සතුව තිබේනවා.   3. පොතක් මුද්‍රිත මාධ්‍යයෙන් එළ...

කන්‍යා කෘතියෙන් ඔබ හමුවට එන නිශාදිනී අල්විස් අද පොත්මී අලුත් පොතක් විශේෂාංගයෙන්

Image
 අද පොත්මී “අලුත් පොතක්”  විශේෂාංගයෙන් ඔබ හමුවට එන්නේ කන්‍යා කෘතිය නිර්මානය කල නිශාදිනී අල්විස්.       මුලින්ම ඔබ ගැන පොඩි හැඳින්වීමක් කළොත්? මම නිශාදිනී අල්විස්. සම්පුර්ණ නමම කිව්වොත් තිළිණි නිශාදිනී අල්විස්. මං කළුතර. පවුලේ එකම දරුවා මම. මං හිතන්නෙ මගේ පෞද්ගලික විස්තර ප්‍රමාණවත් වෙවී.   ‘කන්‍යා’ කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමුවැනි නිර්මාණය. මේ කතාවේ අන්තර්ගතය කුමක් සම්බන්ධයෙන්ද කීවොත්? ඔව් ඇත්තටම. කන්‍යා මගේ පළවෙනිම මුද්‍රිත නවකතා පොත. කන්‍යා නවකතාවේ අන්තර්ගතය ගැන කතා කළොත්… ඒක පුනරුත්පත්ති කතාවක්. නාග ලෝකයත් මනුස්ස ලෝකයත් යා කරන පුනරුත්පත්ති කතාවක්. වර්තමානයෙන් අතීතයට… ඒ අතීතයෙනුත් තවත් ආත්ම ගාණක් ඈතට දිවෙන අපූරු කතා පුවතක්.   මේ කෘතිය එළිදැක්වීමේ කාර්යයේදී ඔබට ගොඩක් බාධක අභියෝග වලට මුහුණ දෙන්නටත් සිදුවෙන්නට ඇති. ඉතින් ඒ සියල්ල ජයගෙන මේ කෘතිය එළිදක්වන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කළොත්..? සත්තකින්ම කිව්වොත් මේ පොත එළිදැක්වීමේ දී මට කිසිම බාධාවක් එල්ල උනේ නෑ. මොකද… කතාව ලියාගෙන යන අතරතුරේ මම ප්‍රවීණ ජනප්‍රිය ලේඛිකා මොනිකා පු...

ත්‍රිත්ව 2ක බේබී මුල් පිටු කිහිපය මෙන්න කියවලාම තීරණය කරන්න

Image
වල් කතාවක් යැයි හංවඩු ගැසූ බුක්ෂොප්ස් වලින් පවා ප්‍රතික්ෂේප කල ත්‍රිත්ව 2ක බේබී මුල් පිටු කිහිපය මෙන්න කියවලාම තීරණය කරන්න   ත්‍රිත්ව ගැන පාඨක විචාර පොත් මී ගෲපයෙන් ඔබට දැක ගත හැක දැන් නිවසට ම ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතව (Cash on Delivery) හෝ පෙර මුදල් ගෙවා තැපෑලෙන් නිවසට ම ගෙන්වා ගැනීමේ අවස්ථාව 1. නම සහ පොත ලැබිය යුතු ලිපිනය 2. දුරකථන අංකය 3. දිස්ත් ‍ රික්කය, සහ ආසන්නතම නගරය 4. පොතේ නම හෝ පොත්වල නම් 5. කුරියර් හෝ තැපැල් මගින්ද යව වග සඳහන් කර මෙම පිටුවට පණිවුඩයක් හෝ පහත අංකයට අමතන්න. 0762103626 කූරීයර් ගාස්තුවත් සමග දිවයිනේ ඕනෑම තැනකට 660ක් පමනයි. (40%ක් වට්ටම් සහිතව)  තවත් අයටත් කියවන්න ෂෙයා කරමු!