අහිමි සඳවතිය සමග යළි ඔබ හමුවට එන දමින්ද දේශප්‍රිය රණතුංග
අහිමි සඳවතිය සමග යළි ඔබ හමුවට එන දමින්ද දේශප්‍රිය රණතුංග අද පොත්මී අලුත් පොතක් සාකච්චාව සමග 1. ඔබේ අටවෙනි නිර්මාණය තමා අහිමි සඳවතිය නමින් ඉතාමත් මෑතකදී එළිදැක්වුනේ…පළමුවෙන්ම මේ කෘතියේ අන්තර්ගතය ගැන පොඩි හැඳින්වීමක් කරමු… සරලව කීවොත් මේකෙ ඇතුලත් වෙන්නෙ අහිම්ව යන ආදරයක් ගැනයි. ඒත් මේ පොතේ දැන් සමාජයේ බහුලව දකින යුවතියක් ගැනයි ලියවිලා තියෙන්නෙ. ගොඩක් සරලව අහිංසකව එළියට පෙනෙන ගැහැණු රුවක් ඇතුළත සැඟවී ඇති ආත්මාර්ථය , හදිසි කෝපය මෙන්ම අන් අය පිළිබඳව මානුෂික හැඟීම් අඩු බව වගේ කාරණා ගොඩක් තමන්ගේ අහිංසක පෙනුමෙන් වසන් කරගත් යුවතියක් සහ ඊට හාත්පසින්ම වෙනස් තරුණයෙක් වටා ගෙතුන ආදර කතාවක්. 2. මේ විදිහේ කතාවක් ඔබ අතින් ලියවෙන්නේ විශේෂ හේතුවක් හෝ අත්දැකීමක් ඇසුරෙන්ද , එහෙමත් නැතිනම් කොහොමද මේ කතාව ලිවීම සඳහා පසුබිම සැකසුනේ ….? මගේ පුද්ගලික අත්දැකීමක් නොවුනත් අද සමාජය තුල මෙවැනි පෙනුමෙන් මැනගත නොහැකි තරුණියන් බහුලයි. ඒ වගේම කිසිදු දුරදිග බැලීමකින් තොරව ආදරය මුල් කරගනිමින් තම දෙමව්පියන්ට පවා අත් ඔසවන දරුවන්ද බහුලයි. මා ඇසූ එවැනි කතා ඇසුරින්ම තමා මේ නිර්මාණයත් ලියවෙන්නේ. ...