Posts

කතා කරන මහ වැව කෘතියෙන් ඔබ වෙත එන සුමනා විජේරත්න මහත්මිය අද පොත්මී සමග

Image
කතා කරන මහ වැව කෘතියෙන් ඔබ වෙත ආ සුමනා විජේරත්න මහත්මිය, අද පොත් මී අලුත් පොතක් විශේෂාංගයෙන් –     01. කතා කරන මහවැව කියන්නේ ඔබගේ දෙවෙනි කෘතිය. වෙනස්ම මානයක් ඔස්සේ ලියවුන මේ කෘතියේ අන්තර්ගතය ගැන පොඩි පැහැදිළි කිරීමක් කළොත්…? පොතේ අන්තර්ගතය පදනම් වෙලා තියෙන්නේ ලංකාවේ කුඩා වාරිමාර්ග පද්ධතිය සහ එම තාක්ෂණය හා බැඳුණු ග්‍රාමීය ජන ජීවිතය පිළිබඳව කතිකාවතක්. හැබැයි මේක ගොතපු කතාවක් වත් එහෙම නැත්නම් පර්යේෂණ කෘතියක් වත් නොවෙයි. ඒවගේම මේක මගේ ජීවිත කතාවත් නොවෙයි. හැබැයි මේ පොතේ ඇතුළත් හැම සිද්ධියක්ම, හැම කතන්දරයක්ම සත්‍යය කතා සහ මගේම අත්දැකීම්. අන්තර්ගතය කාලය හා අවකාශ තරණයක්. ඉතිහාසයට යනවා වගේම ලංකාව විතරක් නොවෙයි ලෝකය පුරාත් යනවා. හැබැයි වැඩි පුර කේන්ද්‍රගත වෙලා තියෙන්නේ හැටේ දශකයේ කුඩා දරුවෙක්ව සිට, හැත්තෑව දශකයේ නව යොවුන් විය අභිනන්දනය කළ, අසූව සහ අනූව දශකයේ රාජ්‍යය සේවයේ සිට, නව මිලේනියාවේ දී තම පවුල සමඟ කැනඩාවේ පදිංචියට පැමිණි ශ්‍රි ලාංකික ගැමි දියණියක් තමන් ගේ ඇසින් තම ගමේ සිදුවී ඇති විපරිණාමය දෙස බලමින් එය ලෝක තත්වයන් වගේම ලංකාවේ ඈත අතීතය සමග සාපේක්ෂව සසඳමින් යම් පණිවිඩ...

"පූජාවක් දෝ" කෘතියෙන් ඔබ වෙත එන උදේශිකා සඳමාලි අල්විස්

Image
“පූජාවක් දෝ” කෘතියෙන් ඔබ වෙත එන උදේශිකා සඳමාලි අල්විස් , අද පොත් මී අලුත් පොතක් විශේෂාංගයෙන් ඔබ හමුවට   1. “පූජාවක් දෝ ” කියන්නෙ මුද්‍රිත මාධ්‍යයෙන් එළිදකින ඔබේ දෙවෙනි නවකතාව. මුළින්ම මේ නවකතාවේ අන්තර්ගතය ගැන පොඩි හැඳින්වීමක් කරමු… පූජාවක්දෝ නවකතාවේ අන්තර්ගතය ගැන කතා කරොත්, වර්තමාන නූතන සමාජයෙන් බැහැර කරන සමහර සිද්ධීන් කතාව ඇතුලේ අන්තර්ගත වෙනවා. මිත්‍යා විශ්වාස මිත්‍යා මත මුදල් පසු පස වේගයෙන් හඹාගෙන යන මවක්,අවුරුදු ගණනාවක් පුරා තමන්ගේ ඉෂ්ට නොවෙච්ච බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අවුරුදු ගණනාවක් පුරා කෲර මෙහෙයුමක් දියත් කරනවා. ඒකෙ එක ඉත්තෙක් තමා කතාවේ ප්‍රධාන චරිතය දේවාන්. ඇත්තටම කිව්වොත් තමන්ගේ හිතේ ඇදිච්ච සමහර විශ්වාස යථාර්ථයක් කරගන්න මිනිස්සුන්ට මොන වගේ තත්ත්වයකට වැටෙන්න පුළුවන්ද කියලා මේ කථාවෙන් මනාව නිරූපණය වෙනවා.. එහෙම කිව්වට මේක ආදර කතාවක්. ඒ වගේම දියණියකට තමන්ගේ අම්මා වෙනුවෙන් මොන වගේ කැප කිරීමක් කරන්න පුලුවන්ද.?  කාලයක් සැප සම්පත් විඳලා එක පාරටම ඒ ජීවිතය වෙනස් වුනොත් යුවතියකට ඒක දරාගන්න පුළුවන්ද…? ඇත්තටම කිව්වොත් ගොඩක් අයට අවසානයේදී හිතන්න දෙයක් ...

මෞර්යා සමග ඔබ හමුවට එන දිල්හානි ද සිල්වා අද පොත්මී අලුත් පොතක් විශේෂාංගයෙන්

Image
මෞර්යා සමග ඔබ හමුවට එන දිල්හානි ද සිල්වා අද පොත්මී අලුත් පොතක් විශේෂාංගයෙන්    1. මෞර්යා කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමු කෘතිය. මොන වගේ කතාවක්ද මේ කෘතියේ අන්තර්ගත වෙන්නෙ…? සරලවම කීවොත් ගැහැණිය මූලික කරගත් කතා තේමාවක්. ආදරය විරහව අතර දෝලනය වන කතාවක්. ළඳ බොළඳ නොවන හැඟීම්වලින් පූර්ණ වුනු කතාවක්. ගැහැණිය යනු පිරිමියා මත යැපෙන හෝ පිරිමියාට යටත් යන සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය කතාවක්. ඒ අතරේ සුන්දර ආදරයක් සහිත කතාවක් තමයි මෞර්යා කියන්නෙ.   2. මේ ඔබේ පළමු කෘතිය උනත් මුහුණු පොතේ නිර්මාණ තුළින් ඔබ හඳුනාගත් විශාල පාඨක පිරිසක් ඔබට ඉන්නවා. බොහෝ වෙලාවට මුහුණු පොතේ නිර්මාණ ඉදිරිපත් කරන බොහෝමයක් ලේඛක ලේඛිකාවන් තමන්ගේ පළමුවැනි කෘතිය විදිහට මුද්‍රිත මාධ්‍යට ගේන්නේ මුහුණු පොතේ පළවූ කතා අතුරින් ජනප්‍රියම වූ තමාගේ කතාවක්. නමුත් මෞර්යා කියන්නේ සමාජ මාධ්‍ය තුළ පළවුන කතාවක් නොවෙයි. ඇයි ඔබ අලුත්ම කතාවකින් පාඨකයින් අතරට එන්න හිතුවෙ ඒ වගේම මුහුණු පොතේ ජනප්‍රිය වුණු ඔබේ කතා මුද්‍රිත මාධ්‍ය ට ගේන්න අදහසක් ඔබට තිබෙනවාද…? මට හිතුණා මගේ පළවෙනි අඩිය නැවුම් අත්දැකීමක් සමග එන්න. ඒ නිසාම...

මේඝ වර්ෂා සමග ඔබ හමුවට එන දිලිනි ගයානී ගුනසේකර

Image
අද පොත්මී අලුත් පොතක් විශේෂාංගයෙන් ඔබ හමුවට එන්නේ මේඝ වර්ෂා කෘතිය රචනා කල ලේඛිකා දිලිනි ගයානී ගුනසේකර.   1. “මේඝ වර්ෂා” කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමු නවකතාව වුනත් මේ කතාව බොහෝමයක් පාඨකයින් මුහුණුපොත තුළින් කියවලා ආදරයෙන් වැළඳගත් කතාවක්. ඉතින් “මේඝ වර්ෂා ” මුද්‍රිත මාධ්‍යයෙන් පාඨකයින් වෙත ගෙන ආ කාර්‍යට ඔබට සහය දුන් අය ගැන මුළින්ම මතක් කරමු… මුලින්ම ස්තූතිවන්ත වෙනව නොහදුනන්නී ප්‍රකාශන අනූෂා ප්‍රනාන්දු නංගිට. ඇය කතාකරල තමයි මේඝ වර්ෂා පොතකට ගමු කියන යෝජනාව ගෙනාවේ. ඒ නිසා මගේ පළමු ස්තූතිය අනූෂා ප්‍රනාන්දු නංගිට. තව මගේ අම්ම රෝහිණී පතිරණ, ඇය තමයි මම සංස්කරණ කටයුතු කරන සෑම මොහොතකට මට සහයට මගේ දරුවො දෙදෙනා සමගින් හිටියෙ. ඒ අතර මගේ ස්වාමිය, චමිල ප්‍රසාද් රූපසිංහ. වචනෙකින්වත් වාරණයක් නොදා මට අවශ්‍යය නිදහස හදල දෙන්නෙ එයා. විශේෂ ස්තූතිය සංජීවනී වීරසිංහ අක්කට හිමිවෙන්න ඕන. ඇත්තටම මං ලියන්න හරිම කම්මැලි. සංජීවනී අක්ක තමා මාව උනනන්දු කරන්නේ, දිරිගැන්වීම් කරන්නේ. “නංගි ලියමු නේද ? ” කියල නිතර මතක්කරන ඇයට ඒ ස්තූතිය අනිවාර්යයෙන් හිමිවිය යුතුයි. ඒ ස...

"තම්මැන්නා රැජින" කෘතියෙන් ඔබ හමුවට පැමිනෙන විනෝදිනී සේනාරත්න මහත්මිය, අද අලුත් පොතක් සමග

Image
“තම්මැන්නා රැජින” කෘතියෙන් ඔබ හමුවට පැමිනෙන විනෝදිනී සේනාරත්න මහත්මිය, අද පොත් මී අලුත් පොතක් විශේෂාංගය සමග   1. මුළින්ම ඔබ ගැන පොඩි හැඳින්වීමක් කළොත්..? මම විශ්‍රාම ලත් විදුහල්පතිනියක් ගුරු විද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරියක්. ලංකාතිලක රජ මහා විහාරයේ දහම් පාසල භාරව අවුරුදූ 14 ක් වැඩ කළ, විවිධ සමාජ කටයුතුවල යෙදෙන අයෙක් .   2. ඔබ කොයි කාලයේ කොයි ආකාරයෙන්ද ලේඛන කලාවට යොමුවුනේ..? මම පාසල් යන කාලයේ රචනා වලට දක්ෂ කෙනෙක්. සාහිත්‍ය තරග වලින් ජයග්‍රහණය කර තිබෙනවා.එහෙත් උසස් අධ්‍යාපනය, රැකියාව, විවාහය ආදිය නිසා ලිවීම නැවතුනා . මම නැවත ලියන්න පටන් ගත්තේ 2000 දී මට දීර්ඝ නිවාඩුවක් ලැබූ නිසා.   3. තම්මැන්නා රැජින කෘතිය 2013 වසරේ මධ්‍යම පළාත් සාහිත්‍ය තරඟයේ හොඳම අත්පිටපත බවට පත්වෙනවා. ඉතින් එය මුද්‍රිත මාධ්‍යට ගේන්නට මෙතරම් කල් ගත්තේ ඇයි..? ඒ වගේම මුද්‍රිත මාධ්‍යයෙන් මේ කෘතිය පාඨකයින් අතට පත් කරන්නට ඔබට උදව් කල අය ගැනත් සඳහනක් කළොත්…? පොතක් ලිවීමට වඩා එය මුද්‍රණය කරගැනීම අපහසුයි මේ පොත මුද්‍රණය කරගැනීමට මා නොගත් උත්සාහයක් නැහැ. විශේෂයෙන් නවකයකුට අවස්ථාවක් දෙන්නේ නැහැ....

සෙනෙහස නුඹයි මගේ කෘතියෙන් ඔබ හමුවට පැමිනෙන දිස්නා සේනානායක, අද පොත් මී අලුත් පොතක් විශේෂාංගය සමග

Image
සෙනෙහස නුඹයි මගේ කෘතියෙන් ඔබ හමුවට පැමිනෙන දිස්නා සේනානායක, අද පොත් මී අලුත් පොතක් විශේෂාංගය සමග       1. සෙනෙහස නුඹයි මගේ කියන්නේ මුද්‍රිත මාධ්‍ය‍යෙන් පාඨකයන්ට පිදෙන ඔබේ පළවෙනි කෘතිය. මේ කෘතිය එළිදක්වන්නට ඔබට සහයෝගය දැක්වූ අය ගැන මුලින්ම සඳහනක් කළොත්..? ඒක දිග කතාවක්.මේ කතාව මුද්‍රණය වෙන්න යන පළවෙනි වතාව මේක නෙවෙයි .මීට කලින් මං පොත කරන්න ගිහින් හොඳටම වැටුනා. මිනිස්සු හරි පුදුමාකාරයි තමන්ගේ කියලා හිතපු මිනිස්සු මාව උපරිම ඇදලා බිමට,දැම්මා ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් නිසා.ඒත් අවසානේ මං ජය ගත්තා.ඇත්තටම මට මගේ හීනයට යන්න ලොකූ හයියක් වුනේ මගේ ලොකූ (විජිත නාමල් දබරේරා ) ඒ හීනය පාට කරන්න මට අත දුන්නේ කේෂී බුක්ස් .ඇත්තටම කේෂී සහා කේෂල අයියා නිසා තමයි අද මගේ හීනය පාට වෙලා තියෙන්නෙ .ඒ දෙන්න මුණ ගැහුණේ නිමල් උඩුගම මහත්මයා නිසා.ඉතින් මේ ටික දෙනාගේ සහායෝගයෙන් මං මගේ හීනේ පාට,කර ගත්තා.   2. ලේඛිකාවක් වීම ඔබේ සිහිනයක්ව තිබුනාද..? එහෙමත් නැත්නම් මේක අහම්බයක්ද…? කොහොමද ඔබ ලේඛන කලාවට යොමු වුනේ…? කවදාවත් මට එහෙම හීනයක් තිබුනේ නෑ.මොකද මං ඒ තරම් ලොකු හීන දැක්ක කෙනෙක් නෙවෙයි ...

"නුඹයි මායාවී" තුළින් ඔබ වෙත ආ හංසනී සමාධී ප්‍රනාන්දු අද පොත්මී සමග

Image
අද “පොත්මී” අලුත් පොතක් සමග ඔබ හමුවට එන්නේ “නුඹයි මායාවී” තුළින් ඔබ වෙත ආ හංසනී සමාධී ප්‍රනාන්දු     1. නුඹයි මායාවී කියන්නේ මුද්‍රිත මාධ්‍ය‍යෙන් පාඨකයන්ට පිදෙන ඔබේ පළවෙනි පොත. ඔබ තවමත් පාසල් අධ්‍යාපනය නිමා කලා පමණයි. ඉතින් මේ විදිහට පොතක් එළිදක්වන්නට හැකිවීම විශාල ජයග්‍රහනයක්. මේ කෘතිය එළිදක්වන්නට ඔබට සහයෝගය දැක්වූ අය ගැන මුලින්ම සඳහනක් කළොත්..? සහයෝගය දැක්වූ අය ගැන සඳහන් කළොත් ඒ අ‍ය අතුරින් මුල්ම තැන ඉන්නෙ මගේ දෙමව්පියන් දෙපළ… ඒ වගේම මගේම සහෝදරයෙක් වූ දර්ශන ඉන්දික සොයුරාවත් මම ආදරෙන් මතක් කරන්න කැමතියි. ඊට අමතරව අනූශා ප්‍රනාන්දු මහත්මියවත් මගේ සොයුරියක් වන ප්‍රසාදි මහේෂිකා සොයුරියවත් මං ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා. නම් වශයෙන් කිව නොහැකි තරම් සහයෝගයක් බොහෝ දෙනාගෙන් ලැබුණත් ඒ සියලු දෙනා ගැන සඳහන් කරන්න අවස්ථාව නැති නිසා ඒ අය ගැන මම මෙහෙම කියන්නම්. නුඹයි මායාවී නවකතාව නැවුම් පිටු අතරට ගන්න උපකාර කල මගේ පවුලේ සියලුම දෙනාටත්, මගේ හිත මිතුරන්ටත් වගේම සහෝදර ලේඛක ලේඛිකාවන්ටත් බෙහෙවින් ස්තූතියි. ඒ වගේම ඒ සියල්ලම අතුරින් මට ලැබුණු ලොකුම සහයෝගය තමයි මගේ පාඨ...